සැකකරුවන්ගේ ආහාර දීමනාව නග්ගයි


ගයාන් සූරියආරච්චි

පොලිස් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන්ට ආහාර සැපයීම සඳහා ලබා දී තිබූ රුපියල් 250 ක ආහාර දීමනාව රුපියල් 650 දක්වා වැඩිකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග පරිදි ඉකුත් 7 වැනිදා සිට මෙම ආහාර දීමනාව වැඩිකර ඇති බව එම මූලස්ථානය කියයි.

ඒ අනුව උදෑසන ආහාරය සහ තේ සඳහා රුපියල් 150 ක්ද, දිවා ආහාරය වෙනුවෙන් රැපියල් 200 ක්ද, සවස තේ සඳහා රුපියල් 100 ක් ද, රාත්‍රී ආහාරය සඳහා රුපියල් 200ක් වශයෙන් ද වැඩිකර ඇත.

පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයට අනුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සහ වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ අවශ්‍ය කටයුතු කරන ලෙස ද පොලිස්පතිවරයා එම චක්‍ර ලේඛය මගින් දන්වා ඇත.