වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය ලෝක සාමය වෙනුවෙන් ආරම්භ කළ “ඒහි පස්සිකෝ සාම පාගමන” අප්‍රේල් 28 වැනිදා රාත්‍රී 7ට කොළඹ, හුණුපිටියේ ගංගාරාම විහාරස්ථාන යෙන් අවසන් කිරීමට නියමිතය.
පාගමනේ සිව්වැනි දිනය වූ සිකුරාදා (24දා) දළදා මාළිගාව අසලින් ආරම්භ වූ පාගමන සවස මාවනැල්ල බෙලිගම්මන විද්‍යාභිවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා පැමිණියේය. එය 25 දා උදෑසන බෙලිගම්මන විහාරස්ථානයෙන් ගමන් අරඹා තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතය.
මෙම පාගමනට ආශිර්වාද කිරීම සඳහා පසුගිය දිනවල විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් විශාල ජනකායක් මග දෙපස රැස්වනු දක්නට ලැබිණ.

