සරසවි හතක නේවාසිකාගාර අඩුපාඩු නිසා සිසුන්ට දුෂ්කරතා


සුජිත් හේවාජුලිගේ

රජයේ විශ්වවිද්‍යාල 17න් හරි අඩකම ශිෂ්‍ය නේවාසිකාගාර ගැටලුව බරපතළ තැනකට පැමිණීමෙන් ඒවායේ සිසු සිසුවියෝ දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

සබරගමුව, රජරට, වවුනියාව හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ගැටලුව ඉතා තදින්ම පවතින බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ගැටලු‍වට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්ය වී ඇති බවය.

විශ්වවිද්‍යාල අවට අතහැර දමා ඇති ගොඩනැගිලි ශිෂ්‍ය නේවාසිකාගාර සඳහා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් නිර්දේශ එවන ලෙස

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මාර්ගයෙන් සියලු‍ම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට දැනුම් දී ඇතැයිද සඳහන් කළේය. මෙයට අමතරව පෞද්ගලික අංශයට ණය මුදල් ලබාදී  නේවාසිකාගාර ඉදිකිරීමේ වැඩපිළිවෙළක්ද අරඹා ඇතැයි මධුර සෙනෙවිරත්න මහතා කීවේය.