උපුල් වික්‍රමසිංහ
සයිබර් ආරක්ෂණය සඳහා නියාමන ආයතනයක් පිහිටුවීමේ වැදගත්කම 2019 කාලයේ හඳුනාගෙන පනත් කෙටුම්පතක් පවා සකස් කරනු ලැබුව ද එය සම්මත කිරීමට මේ දක්වා කටයුතු නොකිරීමෙන් මෙරට සයිබර් ආරක්ෂණය අවදානම් තත්ත්වයක පවතින බව ඩිජිටල් ට්‍රස්ට් සන්ධානය පවසයි.
අදාළ පනත් කෙටුම්පතෙන් පිහිටුවීමට යෝජිත සයිබර් ආරක්ෂණ නියාමන ආයතනය (CRA)ට සිවිල් මෙන් ම මිලිටරි සයිබර් ආරක්ෂණ විෂය පථ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරස්පරතා ඉදිරිපත්වීම හේතුවෙන් පනත් කෙටුම්පත සම්මත කිරීම දිගින් දිගටම පමා වෙමින් තිබෙන බව එම සන්ධානයේ සභාපති ලක්මාල් ඇඹුල්දෙණිය ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේය.
එම පනත් කෙටුම්පත සුදුසු සංශෝධන සහිතව කඩිනමින් සම්මත කර සයිබර් ආරක්ෂණ නියාමන ආයතනය පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

