සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන විදේශිකයන් මෙරටදී වියදම් කරන මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහළ වැටී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය. මේ බව අනාවරණය වී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශය කළ සමීක්ෂණයක දී බව ඔහු කීය.
මෙම සමීක්ෂණයේ දී වසර හතක් පුරා මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් මුදල් වියදම් කර ඇති ආකාරය පිළිබඳව කරුණු විමර්ශනය කෙරිණ. සාමාන්‍යයෙන් පසුගිය වසරේදී විදේශීය සංචාරකයකු ඩොලර් 1800ක් පමණ වියදම් කර ඇති නමුත් අද වනවිට එය ඩොලර් 1300ක් දක්වා පහළ වැටී ඇතැයි අනාවරණය විය.
විවිධ ආර්ථික සහ ගෝලීය කාරණා මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව එම සමීක්ෂණයේ දී වැඩිදුරටත් තොරතුරු හෙළිවී තිබේ.

