වෙනත් පාර්ශ්වවලට තොරතුරු දීම නොරොච්චෝලේ සේවකයන්ට තහනම්


නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අනුමැතියක් නොමැතිව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දීම එහි සේවකයන්ට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර චක්‍රලේඛයක් ජනවාරි මාසයේ මැද භාගයේ දී බලාගාර සේවකයන් වෙත යොමු කර තිබේ. බාල ගල් අඟුරු ඇණවුම් කිරීම සම්බන්ධයෙන් ඇතිවන අර්බුද හේතුවෙන් පැතිර යන කටකතා නතර කර ගැනීමට මෙම උත්සාහය ගෙන ඇතැයි විදුලි සේවකයෝ පවසති.