සුජිත් හේවාජුලිගේ
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පාවිච්චි කිරීමට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
තමන්ගේ පරිහරණයට අලුතින් වාහන ගැනීමට සිදුවුවහොත් මේ මොහොතේදී ඒ සඳහා අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීමට මිල ගණන් කැඳවනු ලැබුවත් තක්සේරු මිල ගණන්වලට අනුව එම වාහන මිලදී ගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත්ව නැතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් එම වාහන දෙක සඳහා යළි ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත.
රජයේ ආයතන සන්තකයේ පවතින සුපිරි වාහන වෙන්දේසි කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.