වියට්නාම් ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය: අවබෝධතා ගිවිසුම් 5 කට අනුමැතිය


උපුල් වික්‍රමසිංහ

වියට්නාම් ජනාධිපති ටෝ ලාම්ගේ දෙදින ශ්‍රී ලංකා සංචාරය අතරතුර සංචාරක ආරක්ෂක කටයුතු සම්බන්ධතා, ආගමික, සිවිල්, වාණිජ, ප්‍රවාහන සහ ආර්ථික, විද්‍යා හා තාක්ෂණ යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 8 වැනිදා නිවේදනය කළේ ය.

වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කෙරෙන මෙට්‍රික් ටොන් 100ක පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ප්‍රදානය කිරීම ද එදින සිදු වූ බව එම නිවේදනයේ දැක්වේ.

අවබෝධතා ගිවිසුම් හුවමාරුවෙන් පසු දෙරටේ ජනාධිපතිවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද ඉකුත් 8 වැනිදා පැවැත්විණ.