සුජිත් හේවාජුලිගේ
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීමෙන් නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇතැයි කියන බලපෑම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට 21 වැනිදා සිකුරාදා යෝජනාවක් භාර දුන්හ.
ස්ථාවර නියෝග 83(1) යටතේ භාර දුන් මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 21 දෙනෙක් අත්සන් තබා සිටිති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය සුරක්ෂිත කිරීම සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය මූලධර්ම බව මෙම යෝජනාවෙන් අවධාරණය කෙරේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ද එමඟින් යෝජනා කර ඇත.
මෙම යෝජනාව භාරගෙන එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර මුද්‍රණය කරන ලෙසත්, අනතුරුව විවාදයට ගැනීම සඳහා සුදුසු දිනයක් හා වේලාවක් නියම කරන ලෙසත් විපක්ෂ මන්ත්‍රීවරු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

