-මාස දෙකක් යනතුරු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිගෙන් පිළිතුරක් නෑ
උපුල් වික්‍රමසිංහ
විදේශීය පර්‌යේෂණ නෞකාවලට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර දීම සම්බන්ධයෙන් ෙවන සම්මත මෙහෙයුම් පටිපාටි (SOPs) සමාලෝචනය කිරීම වෙනුවෙන් පත් කෙරුණු කමිටුව මෙතෙක් එම කටයුතු අවසන් කර නැති බව දැනගන්නට ඇත. මේ හේතුවෙන් විදේශීය පර්‌යේෂණ නෞකාවලට මෙරට මුහුදු සීමාවට පැමිණීම සඳහා අවසර ලබාගැනීම දුෂ්කර වී ඇතැයි ද වාර්තා වෙයි.
මේ අතර ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ පර්‌යේෂණ නෞකාවකට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර දී ඇති බවත් ඒ අනුව එම නෞකාව අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්‌යේෂණ කටයුතු කරන බවත් දැන ගන්නට ලැබේ.
වසර 2022 අගෝස්තු මාසයේ දී හම්බන්තොට වරායට සේන්දු වූ යුවාන් වන්ග් 5 නමැති පර්‌යේෂණ නෞකාවට එරෙහිව ඉන්දියාවෙන් හා ඇමෙරිකාවෙන් ප්‍රබල විරෝධයක් එල්ල වූ අතර ඒ හමුවේ එවක රජය සියලුම විදේශීය පර්‌යේෂණ නෞකාවලට වසරක කාලයක් යන තෙක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම තහනම් කරමින් තාවකාලික තහනමක් ද පැනවීය.
එකී වසරක තහනම 2024 වසරේ දෙසැම්බර් මාසයෙන් අවසන් වූ පසු අලුත් ආණ්ඩුව අදාළ සම්මත මෙහෙයුම් පටිපාටි සමාලෝචනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළ ද මේ වෙන තෙක් එම සමාලෝචන කටයුතු අවසන් කර නොමැත.
ඉරිදා ලංකාදීපය මේ ගැන විමසමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගෙන් වට්ස්ඇප් පණිවුඩ මාර්ගයෙන් පසුගිය ජුනි මස 12 වැනි දින විමසීමක් කළත් මේ වෙන තෙක් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.