විදේශ ඇමැති විජිත යුරෝපා නිල සංචාරයක


උපුල් වික්‍රමසිංහ 

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම මස 27 වැනි දින සිට යුරෝපා රටවල් කිහිපයක නිල සංචාරයක නිරතවීමට නියමිත ය. ඒ අනුව 27 සහ 28 යන දෙදිනෙහි ජර්මනියේ සංචාරය කරන ඔහු එහිදී ගෝලීය සංචාරක සමුළුවකට ද සහභාගී වනු ඇත.

මේ අතර ලෝකයේ හොඳම සංචාරක අමාත්‍යවරයා යන සම්මානය එම සමුළුවේ දී ඔහු වෙත පිරිනැමීමට නියමිත බව ද වාර්තා වේ.

මාර්තු 1 සහ 2 යන දෙදිනේ රුමේනියාවේ සංචාරය කරන අමාත්‍යවරයා එය නිමවා ඉන්දියාවට පැමිණීමට නියමිත ය.