විදේශ ඇමති චීන සංචාරයක


උපුල් වික්‍රමසිංහ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ මස 24 වැනිදා චීනයේ සංචාරයක නිරත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජූනි 27 සිට 29 වැනිදා දක්වා චීනයේ ටියන්ජින්හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ ගිම්හාන සමුළුව සහ 14 වැනි වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා අමාත්‍යවරයා මෙලෙස චීනය බලා පිටත් වෙනු ඇති බව විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවසුවාය.


ලෝක ආර්ථික සමුළුවේ 14 වැනි වාර්ෂික ගිම්හාන සමුළුවට රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන්, සිවිල් සමාජ , අන්තර්ජාතික සංවිධාන නියෝජිතයන් ඇතුළු 1500 ක පමණ පිරිසක් සහභාගී වෙන බවත් මෙවර සමුළුවෙහි තේමාව “ව්‍යවසායකත්වය: ගෝලීය ආර්ථිකයේ ගාමක බලවේගය” බවත් එහි වෙබ් අඩවියෙහි සඳහන් වේ.