නිශාන්ත කුමාර බණ්ඩාර
එක ළඟ අවස්ථා තුනකදී විදුලි බිල ඉහළ දැමීමෙන් කර්මාන්ත පවත්වාගෙන යාම අපහසුවීම නිසා එ්වා වසා දමා රජයේ ආයතනවල කුමන හෝ රැකියාවකට යොමුවීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැඹුරුව ඇතැයි දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න පැවසීය.
විදුලි බිල වැඩිවීම හමුවේ කබලෙන් ළිපට වැටුණු තමන් ළිපෙනුත් බිම වැටී තිබෙන නිසා මේ තීරණය ගෙන ඇතැයිද ඔහු කීය.
පවතින තත්ත්වයට මුහුණදීමට නොහැකිව කර්මාන්ත වසා දමා වෙනත් විකල්පයක් තෝරා ගෙන ජීවත් වීමට තීරණය කළ බව සඳහන් කළ හෙතෙම හදිසියේවත් කර්මාන්ත වහා දැමුව හොත් සිය ගණනකගේ රැකියා අහිමි වෙන බව පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව රජය වගකිව යුතු වන අතර ඊට වහා විකල්පයක් ලබා නොදුණ හොත් දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදුවන බව හෙතෙම පෙන්වා දෙයි.අවස්ථා කිහිපයකදී මේ පිළිබඳ රජයට සැළ කළද මෙතෙක් විසඳුමක් නොලැබුණ නිසා මේ තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.
විදුලි බිල ඉහළ දැමීම බලපාන්නේ කුඩා කර්මාන්ත පවත්වාගෙන යන තමන්ට වන නිසා කර්මාන්ත වසා දමා පාරට බැස රජයේ රැකියාවක් අපේක්ෂා කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි පුෂ්පකුමාර කරුණාරත්න පැවසීය.

