උපුල් වික්‍රමසිංහ
මෙම මස 26 වැනිදා (බ්‍රහස්පතින්දා) විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ සිය තීරණය දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එම කොමිසමේ නිලධාරියකු ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කොමිසම වෙත යොමු කළ යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමට දී තිබූ කාලය ඉකුත් 18 වැනිදායින් අවසන් වූ බවත් ඉදිරිපත් වූ යෝජනා මේ වෙන විට සමාලෝචනය කරමින් සිටින බවත් ය.
එහිදී මහජන අදහස් හා යෝජනා තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වූ බව ද හෙතෙම සඳහන් කළේ ය.
සියයට 13.56 ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත මීට ඉහත දී ඉදිරිපත් කර තිබිණ.

