සුදර්ශනි කෝණාර
ශ්‍රී ලංකාවෙහි ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසුව වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන සඳහා 2025 ජූලි 18 වැනි දින සිට මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අඩු කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්,
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහය ඉදිරිපත් කර ඇත.
ඒ අනුව වාණිජ වාහන වෙනුවෙන් සියයට 80ක් ද මෝටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා සියයට 60ක් දක්වා ද ත්‍රීවීල් සඳහා සියයට 50ක් දක්වා සහ වෙනත් වාහන සඳහා සියයට 70ක් දක්වාද මූල්‍ය පහසුකම් අඩු කර ඇත. එමෙන්ම හයිබ්‍රිඩ් මෝටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා සියයට 60ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව පහළට පැමිණ ඇත.
තවද 2018 වසරේ මාර්ගෝපදේශයන්හි දැක්වුණු ආකාරයේ වර්ගීකරණයන් මෙම වසරේ ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් සහ වෙනත් වාහන බලශක්ති ප්‍රවේශය අනුව මාර්ගෝපදේශයෙන් ඉවත් කර ඇත.
එමෙන්ම 2025 ජූලි 18 දිනට පෙර ලියාපදිංචි නොකළ තවමත් ණය පහසුකම් ලබාගෙන නොමැති වාහන සඳහා ණය පහසුකම් ලබාදීමේදී එම වාහනවල වටිනාකම මත වාණිජ වාහන, මෝටර් රථ, SUV රථ සහ වෑන් රථ ඉලෙක්ට්‍රික් වාහන, ත්‍රිරෝද රථ සඳහා සියයට 90ක් ද වෙනත් වාහන සඳහා සියයට 50ක් ද දෙමුහුන් මෝටර් රථ සඳහා සියයට 50ක් ද වශයෙන් ප්‍රතිශත නොඉක්ම විය යුතු බවත් මහ බැංකු මාර්ගෝපදේශයෙහි සඳහන් වේ.