සුජිත් හේවාජුලිගේ
රට පුරා කෙරුණු වැඩවර්ජනවලින් පසුගිය වසර දහයක කාලයේ දී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.
එම කාලසීමාවේ දී වැඩ වර්ජන 386ක් සිදුවී ඇති බවත් ඒ වැඩ වර්ජනවලින් ශ්‍රම දින හය ලක්ෂ හැට දෙදහස් තුන්සිය අසූඅටක් රටට අහිමිව ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම වැඩ වර්ජනවලට සම්බන්ධ වී ඇති සේවකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පහළොස් දහස් තුන්සිය පනස් හයක් බව පවසන වසන්ත අතුකෝරළ මහතා වැඩිම වැඩ වර්ජන සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 2018 වර්ෂයේ දී බවද ප්‍රකාශ කළේය.
එම වර්ෂයේ දී සිදුවී ඇති වැඩ වර්ජන ගණන 51 ක් බව හෙතෙම සඳහන් කළේය. අධ්‍යාපනය, සෞඛ්‍ය, වතු ප්‍රවාහන ඇඟලුම් යනාදී ක්ෂේත්‍රවල වැඩිම වැඩ වර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති සංඛ්‍යාව 2122කි.