දිස්ත්‍රික්ක දොළහක අධිඅවදානමක්
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
රට පුරා මී උණ අධිඅවදානම් දිස්ත්‍රික්ක 12ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී පෙරේදා (10දා) පැවසීය.
ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොනරාගල එම දිස්ත්‍රික්ක දොළහ බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය වසර දහයේදී (2015 සිට 2024 දක්වා) මී උණ රෝගයෙන් 2460 ක් මියගොස් ඇතැයි පැවසූ අමාත්‍යවරයා මී උණ රෝගය වැලඳුණු එක් ලක්ෂ හතළිස් පන්දහස් අටසිය හතළිස් පහක් එම වසර දහයේදී රෝහල් ගතවී ඇතැයිද සඳහන් කළේය.
මී උණ රෝගය වැලඳීමෙන් 2015 වර්ෂයේදී 264 දෙනකු ද 2016 වසරේදී 199 දෙනකු ද 2017 වර්ෂයේ දී 166 දෙනකු ද 2018 වර්ෂයේ දී දෙසිය දෙදෙනකු ද 2019 වසරේදී 228 දෙනකු ද 2020 වර්ෂයේ දී 198 දෙනකු ද 2021 වර්ෂයේ දී 281 දෙනකු ද 2022 වර්ෂයේදී 311 දෙනකු ද 2023 වර්ෂයේ දී 325 දෙනකු ද 2024 වර්ෂයේදී 286 දෙනකු ද මියගොස් ඇතැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.
එසේම 2015 වර්ෂයේදී මී උණ රෝගීන් 10036 ක්ද 2016 වර්ෂයේ දී 7,681 ක්ද 2017 වර්ෂයේ දී 8,428 ක්ද 2018 වර්ෂයේදී 11,586ක්ද 2019 වර්ෂයේදී 13,424 ක්ද 2020 වර්ෂයේ දී 17,433 ක්ද 2021 වර්ෂයේදී 18,618 ක්ද 2022 වර්ෂයේදී 17,025 ක්ද 2023 වර්ෂයේදී 19,651 ක්ද 2024 වර්ෂයේදී 21,963 ක්ද රෝහල්ගත කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මී උණ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට දිස්ත්‍රික් මාර්ගෝපදේශ කමිටු පිහිටුවා ඇතැයි කී ඇමතිවරයා විවිධ ක්ෂේත්‍රවලට අයත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් උපකමිටු හතරක් පිහිටුවා මී උණ රෝගය පාලනය කිරීම සහ ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවද සඳහන් කළේය.
එමෙන්ම පූර්ව ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බව ඔහු පැවැසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.