වසර 5 ට පාසල් 32 ක් වහලා


චාමර සම්පත්

වසර පහක් තුළ රජයේ පාසල් 32 ක් වැසී ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව 2018 - 2019 කාලසීමාවේදී පාසල් 09 ක් ද, 2019 – 2020 කාලසිමාවේදී පාසල් 15 ක් ද වසා දමා තිබේ. 2020 - 2021 කාලසීමාව තුළ පාසල් 08 වසා දමා ඇත.

මේ අනුව පවත්වාගෙන යාම තවදුරටත් ඵලදායි නොවන  පළාත් සභා යටතේ පැවති රජයේ පාසල්  32 ක් මෙලෙස 2018 වසරෙන් පසුව වසා දැමීමට පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කර ඉල්ලන ලද තොරතුරු සඳහා ප්ර තිචාර දක්වමිනි.


මේවනවිට රජයේ පාසල් 10,146 ක් ක්‍රියාත්මක වන අතර එම පාසල් වල සිසු සිසුවියන් 4,048,937 අධ්‍යාපනය ලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් තොරතුරු වල වැඩිදුරටත් සඳහන්ය.