ලෝකයේ ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්


ශුද්ධ ධනය ඉන්දියානු රුපියල් කෝටි 7.5යි

ලෝකයේ ධනවත්ම යාචකයා ඉන්දියාවේ භාරත් ජයින් විය හැකි බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ වීදියක සිටින භාරත් ජයින් විවාහකයෙකු වන අතර ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ සොහොයුරා සහ පියාද ඔහු සමග ජීවත් වෙති.


ජයින්ගේ ශුද්ධ ධනය ඉන්දීය රුපියල් කෝටි 7.5ක් පමණ (රුපියල් කෝටි 28 ක්) වන බවත් ඔහු මාසයකට ඉන්දීය රුපියල් 60,000 ත් 70,000 ත් අතර මුදල් ප්‍රමාණයක් උපයන බවත් වාර්තාවෙයි.


මෙයට අමතරව මුම්බායි හි මහල් නිවාස සංකීර්ණයකින් ඉන්දීය රුපියල් කෝටි 1.2 ක් වටිනා කාමර දෙකකින් යුතු නිවසක්ද මාසික කුලිය ඉන්දීය රුපියල් 30,000 ක් ලැබෙන කඩකමාරයක් ද ඔහුට හිමි බව වාර්තාවෙයි.