ලක්ෂ 79ක් ජනතාව ආහාර මිලදී ගන්න මේස පුටුත් විකුණයි


සමීක්ෂණයකින් හෙළිවෙයි

ගුණසිංහ හේරත්

රටේ නිවාස ලක්ෂ 19 ක පදිංචි ලක්ෂ 79ක ජන පිරිසක් අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා ගෘහ භාණ්ඩ විකුණන බව සමීක්ෂණයකින් අනාවරණය වෙයි.
ඒ සමීක්ෂණය කර තිබෙන්නේ ආසියා පැසිෆික් කලාපය පුරා ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති චින්තන සාමුහිකය වන ලර්න් ඒෂියා ආයතනය මගිනි.

ලර්න් ඒෂියා මේ ජුනි 07 වැනිදා නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ලංකාවේ නිවාසවලින් සියයට 32ක එනම් නිවාස ලක්ෂ 19ක පදිංචි ජනතාව ආහාර මිලදී ගැනීම සඳහා තම නිවෙස්වල තිබෙන වත්කම් විකුණන බවය.


ලර්න් ඒෂියා කියන හැටියට ඒ නිවාස ලක්ෂ 19 පදිංචි ජනගහනය ලක්ෂ 79කි. නිවාස ලක්ෂ 19ක පදිංචි ජන පිරිස රටේ මුළු ජනගහණයෙන් සියයට 34කි.
ආහාර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා රූපවාහිනි, ගුවන් විදුලි යන්ත්‍ර ශීතකරණ යනාදී ඉලෙක්ට්‍රික් භාණ්ඩවලට අමතරව මේස පුටු පවා විකුණන බවද ලර්න් ඒසියා හෙළි කරයි.