සිතුකි ඉහන්සා
සිය ඉල්ලීම් ලබාදෙන තෙක් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 31ක සේවකයන් ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවැනි අදියර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංවිම ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ ‘ඉරිදා ලංකාදීපයට’ පැවසීය.
මෙම දෙවැනි අදියරේදී ටෙන්ඩර් කමිටු සඳහා සහභාගිවීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා සහභාගිවීම ආදි කටයුතුවලින් බැහැරවෙන බවත් හදිසි විදුලි බිඳවැටීම් යථාතත්ත්වයට පත්කිරීම් මන්දගාමී විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් රජය හා සේවකයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ආදි ඉල්ලීම් කිහිපයක් සපුරාලන ලෙස ඉල්ලමින් සිදුකරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධව අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා කිසිදු මැදිහත්වීමක් සිදුකරන බවක් දක්නට නොලැබෙන බව ද තවදුරටත් රජය මීට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ තුන් වැනි අදියර ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සූදානමින් සිටින බවද යළි අවධාරණය කළේ ය.