ලංවිම වෘත්තීය සමිතිවලට බලශක්ති ඇමැතිගෙන් සැර පිළිතුරක්


නිරෝෂාන් ප්‍රේමරත්න

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ වෘත්තීය සමිති හා සේවක ඉල්ලීම් ඉෂ්ට කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා නමුත්  යම් වෘත්තීය සමිතියක් කඩාකප්පල්කාරී ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන්නේ නම් රජය ඊට කිසිසේත් යට නොවී ප්‍රතිචාර දක්වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අවධාරණය කර සිටී. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“වෘත්තීය සමිති හා සේවක  ඉල්ලීම්වලින් ප්‍රායෝගිකව ඉෂ්ට කළ හැකි ඉල්ලීම් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. සෙසු ඉල්ලීම් ද ඉෂ්ට කර දීමට උපරිම උත්සාහයක් දරනවා.

බහුතරයක් වෘත්තීය සමිති හා ජනතාව රජය විසින් මේ මොහොතේ ක්‍රියාත්මක කරනු ලබන ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාවලිය සමග එකඟයි. 

“ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා යන ගමනේදී කෙබඳු ආකාරයේ අභියෝගවලට මුහුණදීමට සිදුවුවත් රජය ඊට මුහුණ දෙනවා. යම් වෘත්තීය සමිතියක් කඩාකප්පල්කාරී ලෙස මෙම ප්‍රතිව්‍යුහගත කිරීම වැළැක්වීමට උත්සාහ කළොත් රජය ඊට අවශ්‍ය ප්‍රතිචාරය දක්වනවා”‍.