ලංකාවේ ආර්ථිකය 2023 දීත් පල්ලමට


ලෝක බැංකුව හෙළි කරයි

ගුණසිංහ හේරත්

ලංකාවේ ආර්ථිකය මෙම අවුරුද්දේදීත් කඩා වැටෙන බව ලෝක බැංකුව හෙළිකරයි. ලෝක බැංකුව මේ බව හෙළිකරන්නේ පසුගිය 07 වැනිදා නිකුත් කර තිබෙන වාර්තාවකිනි. ඒ වාර්තාවට අනුව 2023 දී මෙරට ආර්ථිකයේ ඇතිවන්නේ සෘණ 4.3 ක අගයකි. පසුගිය 2022 දී මෙරට ආර්ථිකයේ ඇතිවූයේ ද සෘණ 7.8 ක අගයකි.
 
ලෝක බැංකුවේ ඒ වාර්තාවට අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් මේ අවුරුද්දේ දීත් ආර්ථිකය කඩා වැටෙන්නේ ලංකාවේ පමණකි.

මාල දිවයිනේ ආර්ථිකය 6.6 කින් ද බංග්ලාදේශයේ ආර්ථිකය 5.2 කින් ද භූතානයේ ආර්ථිකය 4.5 කින් ද ඉන්දියාවේ ආර්ථිකය 7.2 කින් ද නේපාලයේ ආර්ථිකය 4.1 කින් ද පාකිස්තානයේ ආර්ථිකය 0.4 කින්ද මේ වසරේදී වර්ධනය වන බව ලෝක බැංකුව කියයි.

ලෝක බැංකුව පෙන්වා දෙන හැටියට ලංකාවේ ආර්ථිකයේ වර්ධනයක් විය හැක්කේ 2024 දීය. එයද 1.2ක වර්ධනයකි.

එහෙත් 2024 දී මාලදිවයිනේ ආර්ථිකය 5.3 කින් ද බංග්ලාදේශයේ ආර්ථිකය 6.2 කින් ද ඉන්දියාවේ ආර්ථිකය 6.3 කින් ද වර්ධනය වන බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වෙයි.