රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
රාජ්‍ය පොහොර සමාගම කිසිදු විශේෂ අවශ්‍යතාවකින් තොරව “කවර මාරු කිරීම සඳහා පමණක්” රුපියල් මිලියන 19කට අධික මුදලක් වැයකර ඇතැයි හෙළි වී තිබේ.
2023 වසරේ සිට 2025 වසර දක්වා විශාල අක්‍රමිකතාවකට මග පාදමින් සිදු කරන ලද මෙම නාස්තිකාර වියදම පිළිබඳ අනාවරණය වී ඇත්තේ තොරතුරු කොමිසම ඔස්සේ සිදු කෙරුණු විමසුමකදීය.
අදාළ සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදීම මුල දී රාජ්‍ය පොහොර සමාගම ප්‍රතික්ෂේප කළද, පසුව තොරතුරු කොමිසමේ නියමය හමුවේ එම තොරතුරු ලබා දීමට සමාගමට සිදුව තිබේ.
කවර මාරුව සිදුකළේ ගබඩාකර තිබූ පොහොර මලු කවර අවපැහැගැන්වී තිබීම නිසා බව පොහොර සමාගම දන්වා තිබේ.
මෙහිදී අනාවරණය වී ඇත්තේ වසර එකහමාරක කාලයකදී පොහොර මලු කිරීමේ පිරිවැය රුපියල් ලක්ෂ 9 සිට කෝටි 1.8 ක් දක්වා 20 ගුණයකින් වැඩි වී ඇති බවයි.

