රාජ්‍ය ඇමතිවරු කලකිරීමෙන් 20 ක් වැට උඩ


අජන්ත කුමාර අගලකඩ

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් ඒවායේ රාජ්‍ය  ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් ඇමතිවරුන්ට අමාත්‍යාංශ දෙක තුන මෙන්ම ආයතන දහය පහළොව තිබුණද, ඒවායෙන් සුළු ආයතනයක් හෝ දෙකක් හැරෙන්නට රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරා නැති බව වාර්තාවේ.

මේ හේතුවෙන් තමන්ට  අමාත්‍යාංශවලට ගොස් නිකරුණේ  රස්තියාදු වීමට සිදුව ඇති බව  රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම  සඳහන් කළහ.
අමාත්‍යාංශවල වගකීම් නොපැවරීම හේතුවෙන්, ඇතැම් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර මත ගැටුම් ද නිර්මාණය වී ඇතැයි දැන ගන්නට තිබේ.
කැබිනට් ඇමතිවරු විසි දෙදෙනකු  සිටින අතර, රාජ්‍ය ඇමතිවරු 38 දෙනෙක් සිටිති.


රාජ්‍ය ඇමතිවරුන් තිස් අට දෙනාගෙන් ඉතාම සුළු පිරිසකට හැරෙන්නට, අනෙක් පිරිසට අමාත්‍යාංශවල නිශ්චිත වගකීම්  පවරා නැති බව  දැනගන්නට ඇත. මෙම පිරිසෙන් 20 දෙනෙකු පමණ රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉවත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.