2021 න් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ප්‍රසිද්ධ කර නෑ
උපුල් වික්‍රමසිංහ
අමාත්‍යාංශ සහ රජයේ ආයතන ගණනාවක වාර්ෂික වාර්තා 2022 න් පසුව ඒවායෙහි වෙබ් අඩවිවලට ඇතුළත් කර නොමැත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යන ආයතන 2022 න් පසු ඒවායෙහි වාර්ෂික වාර්තා ප්‍රසිද්ධ කර නොමැත. අධ්‍යාපන අමාත්‍යාංශය අවසන් වරට එහි වාර්ෂික වාර්තාව අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළ කර තිබෙන්නේ 2021 වසරේ දී ය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, ආයෝජන ප්‍රවර්ධන සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් යන අමාත්‍යාංශවල 2022 න් පසු වාර්ෂික වාර්තා ඒවායෙහි වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කර නොමැති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද 2022 න් පසු වාර්ෂික වාර්තා ප්‍රසිද්ධ කර නැත.
මේ අතර කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග, ධීවර ජලජ හා සාගර සම්පත්, කම්කරු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු සහ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස යන අමාත්‍යාංශවල වාර්ෂික වාර්තා 2023 න් පසු ඒවායෙහි වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කර නොමැත.