රෝෂන් තුෂාර
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් 275,302,616.06 වටිනාකමින් යුත් මුදල් ඇතුළු දේෙපාළ මාස 21ක් වැනි කෙටි කාලයක් තුළදී අත්පත් කර ගත්තේ යැයි කියන හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් හා පුද්ගලික ලේකම් රමිත ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ලට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරමින් 12 දා නඩු පැවරීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් රමිත රඹුක්වැල්ල විත්තිකරු කරමින් මෙම අධි චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කළ අතර කළේය.
2022 ජනවාරි 01 දින සිට 2023 සැප්තැම්බර් 14 දින දක්වා කාලය අතරතුරදී රුපියල් 296,566,444.76 ක මුදල් හා දේපලකට උරුමකම් කියමින් එම ආදායම් අතරට රුපියල් 275,302,616.06ක දේපළ උපයා ගත්තේ කෙසේද යන්න හෙළි කළ නොහැකිවීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම අධි චෝදනා ගොනුකොට ඇත.
මාස විසි එකක් වැනි කෙටි කාලයක් තුළදී අවස්ථා 13 කදී මෙම මුදල් උප්පාදනය කර ඇති අතර එම මුදල් වලින් 2022 මාර්තු මස 20 වැනි දින කොළඹ 07 සුපිරි මහල් නිවාස සංකීර්ණයක මිලියන අසූවක සහ මිලියන හැටපහක වටිනාකමින් යුත් නිවාස දෙකක් මිලදී ගැනීම, සුඛෝපභෝගී කාර් රථයක් මිලදී ගැනීම, බිරිඳගේ නමින් පුද්ගලික බැංකුවක ස්ථාවර තැන්පතු හතරක් විවෘත කිරීම, සැකකරු නමින් පුද්ගලික බැංකුවක ස්ථාවර තැන්පතු විවෘත කිරීම ඇතුළු අවස්ථා 13කදී මුදල් හා දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
මෙම දේපොළ මේ වන විට අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි මුදල් විශුද්දි කරණ පනත යටතේ කොළඹ මහාධිකරණය මගින් තහනමට ලක්කර තිබිණි.
රමිත රඹුක්වැල්ලට නඩු පැවරීමට පෙර සැක කටයුතු බැංකු ගිණුම් 16 ක රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සැකකරුවන් හය දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මුදල් විශුද්ධිය කරණ පනත ප්‍රකාරව අල්ලස් කොමිසම මගින් අධි චෝදනා ගොණු කොටතිබිණි.
සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් මුදල් විසුද්ධි කරන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ වෙන කුසුම් ඈපා වීහේන, දියණියන් වන චන්දුලා රමලි රඹුක්වැල්ල, චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල, අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන්ට මෙසේ අධි චෝදනා ගොනුකරමින් නඩු පවරා ඇත.
හිටපු අමාත්‍යය කෙහෙළිය ඇතුළු පිරිසට එසේ අධි චෝදනා ගොනු කර නඩු පවරා තිබියදී අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් තවත් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන තවදුරටත් සිදු කරන බව අල්ලස් කොමිසම පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා මුදල් විශුද්ධිකරණ පනතේ හතර හා තුන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇති අතර
කොළඹ මහාධිකරණයේ සිතාසි ලැබීමෙන් අනතුරුව මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළේය.