රනිල් - සජිත් සාකච්ඡාවකට මන්ත්‍රීවරු පිරිසක් මැදිහත් වෙති


සුජිත් හේවාජුලිගේ

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී එකට එකතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් එක මේසයට පැමිණ සාකච්ඡා 

අරඹන්නැයි එම පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇත.

එක මේසයට පැමිණ සාකච්ඡා ආරම්භ කිරීමට මෙය හොඳම කාලය බව ද එම මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ සංවිධායකවරුන් සමග කොළඹ පැවති සාකච්ඡාවේ දී පක්ෂ දෙකේ ඒකාබද්ධතාව සඳහා තමා පෞද්ගලිකව මැදිහත් වන බවට පොරොන්දුවක් දුන්නේය. මේ අනුව එම කටයුතු ඉදිරියට යා යුතු බව මන්ත්‍රීවරු දැඩිව අවධාරණය කරති.

නායක දෙපළ එක මේසයට පැමිණ සාකච්ඡා කිරීමට කදිම අවස්ථාවක් නිර්මාණය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පක්ෂයේ නායකයා එම සමගි සන්ධානය වෙනුවෙන් අවශ්‍ය වගකීම භාරගෙන කටයුතු කරන බවය.