රන්දෙනිගල රන්ටැඹේ ආරක්ෂිතයි - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය


නිමල කොඩිතුවක්කු

රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ වේලි ඉරිතලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සාවද්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එම ජලාශ්‍රිතව කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් එහි සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා සඳහන් කළේය.

දැදුරු ඔය ඇතුළු අනෙකුත් ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කළත් ඒවායේ ද අවදානම් තත්ත්වයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආපදා තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ආයතන හැර වෙනත් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් ඔහු තවදුරටත් කීවේය.