උපුල් වික්‍රමසිංහ
මෙරටට විෂ මත්ද්‍රව්‍ය එවන ප්‍රධාන ජාවාරම්කරුවන් 23 දෙනකු මේ වෙනවිට හඳුනාගෙන ඇති බව ද එයින් බහුතරය පාකිස්ථානු ජාතිකයන් බව ද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔවුන් විවිධ රටවල සිට ක්‍රියාත්මක වෙමින් නොයෙක් කණ්ඩායම් මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය එවන බවත් පාකිස්ථානය, ආර්ජන්ටිනාව, ඉරානය සහ ඉන්දියාව යන රටවලින් වැඩිවශයෙන් මත්ද්‍රව්‍ය එවන බවත් ඔහු කීවේ ය. එම ජාවාරම්කරුවන් 23 අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බවත් ඔවුන් ද නොයෙක් රටවල සිට මේ ජාවාරම මෙහෙයවන බවත් අමාත්‍යවරයා හෙළි කළේ ය.
රටට මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග අවහිර කිරීම සඳහා නාවික හමුදාවේ ද සහභාගීත්වය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

																	
																	
																	
																	
																	
																	