මධුෂා දිල්ෂානි
මූලික පහසුකම් නොමැති වීමෙන් ප්‍රතිකාර සේවාවලට බලපෑම් සිදුව ඇති රෝහල් පිළිබඳ තොරතුරු රැසක් සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මැදි ආදායම් ලබන රටක් වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවාවෙහි ඇතිව තිබූ ප්‍රගතියෙහි අඩාළ වීමක් පෙනෙන බව සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියෙහි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත විශ්වසනීය වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් රට හැරයාමේ ප්‍රවණතාව වෙනස් වී නොමැති වීම, වෛද්‍යවරුන් සඳහා පැහැදිලි ආර්ථික ස්ථාවරත්වයක් නොමැතිවීම, ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා, රෝගී සත්කාර සැපයීම සම්බන්ධයෙන් පවතින ගැටලු, වෛද්‍යවරුන්ගේ නිල නිවාස පිළිබඳව පවත්නා අඩුපාඩු ආදී බොහොමයක් අක්‍රමිකතා පවත්නා බව සමීක්ෂණයෙන් හෙළිවී ඇත. රෝහල් පද්ධතියෙන් රෝගී ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඖෂධ සහ උපකරණ හිඟය, මූලික යටිතල පහසුකම්, සනීප ආරක්ෂක පහසුකම් සහ ආහාර වේල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු රැසක් හඳුනාගෙන තිබේ.
මෙම ගැටලු විසඳා සෞඛ්‍ය සේවාව නිදහස් හා සුරක්ෂිත කිරීම වත්මන් රජයේ වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්‍්ගේ සංගමය පවසයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීම සහ රෝහල් පද්ධතියෙහි පවත්නා ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

																	
																	
																	
																	
																	
																	