සුජිත් හේවාජුලිගේ
කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි දෙදහසකට වැඩි ප්‍රමාණයකට පාඩු සිදුව ඇතැයි වාර්තාවේ.
මින් ඇතැම් ගොඩනැගිලි ඒවා තිබුණු ස්ථානවලින් වෙනත් තැන්වලට ගෙන යෑමට සිදුවනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පැවසීය. එම ගොඩනැගිලි පෙර ස්ථානවල නැවත ස්ථාපනය කිරීම අවදානම් සහගත බවද පෙනී ගොස් ඇත. කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලිවලට සිදුවූ හානිය ගණනය කරගෙන යන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

