සුදර්ශනි කෝණාර
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කොට ඇති චබාද් නිවාස (යුදෙව් ප්‍රජා මධ්‍යස්ථාන) 5න් 2ක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බව පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. ඒ, ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම නිවාසවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් කළ විමසීමක දී ය.
සංචාරකයන්ගේ වියදම් කිරීමේ හැකියාව පිළිබඳව ද එහිදී විමසන ලද අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා ඇත්තේ ඊශ්‍රායල් සංචාරකයකු විසින් දළ වශයෙන් ඩොලර් 150ක් පමණ වියදම් කරනු ලබන බවත් එය සන්සන්දනාත්මකව ඉහළ අගයක් බවත් ය.
මේ අතර මෙරටේ ක්‍රියාත්මක වන චබාද් නිවාස සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස එම කාරක සභාවේ සභාපති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර නිර්දේශ කර ඇති අතර ජාත්‍යන්තර මට්ටමේ අර්බුදකාරී තත්ත්ව හේතුවෙන් ඇතිවිය හැකි අවදානමකට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීමට මෙරට ඇති සූදානම පිළිබඳවද මෙහි දී සාකච්ඡා වූ පාර්ලිමේන්තු නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.