නිමල කොඩිතුවක්කු
යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අමතර ප්‍රතිපාදන ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
2025 වර්ෂයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,000 ක් රජය වෙන් කරනු ලැබීය.
මේ වනවිට ඉන් රුපියල් මිලියන 5,288 ක් වැය කරමින් වී අලෙවි මණ්ඩලය විසින් දිස්ත්‍රික්ක 16 ක වී මෙට්‍රික්ටොන් 43,891 ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇත.
දැනට අස්වනු නෙළමින් පවතින පොළොන්නරුව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන කලාපවලින් යල කන්නයේ ඉදිරි කාලසීමාවේ දී වී අස්වනු මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් සකස් කර තිබේ.
ඒ අනුව, රජයේ සහතික මිලගණන් යටතේ තවදුරටත් 2025 යල කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.