මේ සතියෙත් වැස්ස


අංජුන ලියනආරච්චි

අප්‍රේල් 27 වන දින සිට ඇරඹෙන සතියෙහි සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන වායුගෝල තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල සඳහන් කරයි.

පසුගිය සතියෙහි සවස් කාලයේ දිවයිනේ දක්නට ලැබුණු වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි සතියෙහි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපැවැත්විය හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාත්මක කාලගුණ පුරෝකථන අංශය මඟින් නිකුත් කර ඇති වාර්තාව අනුව සඳුදා (27) දින සිට ආරම්භ වන සතියේ දිවයින පුරා මිලි මීටර 10ක පමණ සුළු වැසි දක්නට ලැබෙන අතර 30 වැනිදායින් පසුව සබරගමුව, බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට මිලි මීටර 30-50 අතර තරමක තද වැසි ලැබිය හැකිය.මෙම වැසි තත්ත්වය එම සතියේ අග භාගය වන විට අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා පුරෝකථන වාර්තා තවදුරටත් සඳහන් කරයි.