උපුල් වික්‍රමසිංහ
දිට්වා සුළිකුණාටුවෙන් පසු ආසන්න වශයෙන් නිවාස 20,000 - 25,000 අතර ප්‍රමාණයක් මෙම වසරේදී ඉදිකිරීමට සිදු වෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සිකුරාදා (08දා) අනුරාධපුර දී පැවසීය.
ඒ Rebuilding Sri Lanka යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.
එම නිවාස ප්‍රමාණය ද ඇතුළුව නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබූ නිවාස 31,000 සමග නව නිවාස 50,000 - 55,000 අතර සංඛ්‍යාවක් 2026 දී ඉදි වනු ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.
ලංකා ඉතිහාසයේ වසරක් ඇතුළත ඉදි කරන වැඩිම නිවාස ප්‍රමාණය මෙය බවට ජනාධිපතිවරයා එහිදී කී බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයහි දැක්වේ.

