නිමල කොඩිතුවක්කු
අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරේ මේ දක්වා කාලයෙහි මිනිසුන් 74 ක් සහ වන අලින් 238ක් මිය ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි.
වෙඩි තැබීම්, විදුලි සැර වැදීමෙන්, හක්කපටස් පිපිරීමෙන්, විෂ ශරීර ගතවීමෙන් ඇතුළු වෙනත් අනතුරු හේතුවෙන් මෙම අලින් මියගොස් ඇතැයි එහි ප්‍රකාශිකාවක් ලංකාදීපයට පැවසුවාය.
ඒ අනුව වෙඩි තැබීම් හේතුවෙන් වන අලින් 42 ක්, විදුලි සැර වැදීමෙන් වනඅලින් 38ක්, හක්කපටාස් පිපිරීමෙන් 25 ක්, විෂ ශරීර ගතවීමෙන් 3 ක්, දුම්රිය හා මාර්ග අනතුරු මගින් 15ක්, ආදී ලෙස මෙම මරණ සිදුව තිබේ.
මේ අතර දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වනඅලි 20 දෙනෙකු සඳහා වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකරමින් පවතින බවත් එම ප්‍රකාශිකාව පැවසුවාය.
ප්‍රතිකාර ලබන වන අලින්ගෙන් වැඩි දෙනෙකු වෙඩි වැදීම්වලට සහ මදුවලට හසුවී පාද ආබාධයට ලක් වූ බවත් ඇය සඳහන් කළාය.
ගිය වසරේ දී වනඅලින් 388 ක් මියගොස් ඇති අතර අලි මිනිස් ගැටුම් හේතුවෙන් මිනිසුන් 150ක් මියගොස් ඇති බවත් ඇය තවදුරටත් කීවාය.