මේ පාරෙම ගියොත් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය නෑ - මහබැංකු අධිපති


උපුල් වික්‍රමසිංහ

පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ නම් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යෑමට අවශ්‍ය නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉරිදා ලංකාදීපයට පැවසීය.

2028 දී හෝ 2032 දී හෝ යළි එලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අවශ්‍ය නොවන බව ද ඉරිදා ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය. 

එහෙත් දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කළහොත් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාවක් මතු විය හැකි බවට ද හෙතෙම අනතුරු ඇඟවීය. මහ බැංකු අධිපතිවරයා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව 06 වැනි පිටුවේ පළ වේ.