මධුෂා දිල්ශානි
වසර 2025 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාල සීමාවෙහි ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇෙමරිකානු ඩොලර් මිලියන 12,986.52ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සහ රේගු දෙපාර්තමේන්තු දත්ත මගින් පෙනෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි. මෙය 2024 වර්ෂය හා සසඳන විට සියයට 6.9ක වර්ධනයකි.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පමණක් වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය යන දෙඅංශයෙන් ම ඩොලර් මිලියන 1469.75ක සමස්ත අපනයන ආදායමක් ලබා තිබූ අතර, එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 12.33ක වර්ධනයකි. ඒ අනුව මෙම වසරේ තුන්වන කාර්තුව වෙනවිට ලබා ඇති සියයට 70කට වැඩි අපනයන ඉලක්කය වසර අවසානය වෙනවිට තවත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

