මාස හයකදී රජයේ ණය බර බිලියන 896 කින් නැගලා


උපුල් වික්‍රමසිංහ

වසර 2024 සිට 2025 ජුනි අවසන් වනවිට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 896.08 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුවේ දත්තවලින් අනාවරණය වේ.

මෙම මස 24 වැනි දින ප්‍රසිද්ධ කර ඇති සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2024 අවසන් වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 28,738.70 ක් වූ අතර එම ප්‍රමාණය මෙම වසරේ ජුනි අවසන් වෙද්දී රුපියල් බිලියන 29,634.78 දක්වා බිලියන 896 ක් එසේ වැඩි වී ඇත.

එම දත්ත අනුව අදාළ කාලයේ දී දේශීය ණය රුපියල් බිලියන 496.42 කින්ද විදේශීය ණය රුපියල් බිලියන 399.66 කින්ද වැඩි වී තිබේ.