හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වෙන්ව තිබූ විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා 2021-2023 කාලයේ දී රුපියල් පනස් එක් කෝටි අනූ දහස් දෙසිය තිස් අට (510,090,238.93) ක මුදලක් වැය කර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් හතළිස් හත්කෝටි විසිපන් ලක්ෂ විසි නවදහස් හැත්තෑ තුන (472,529,073) ක මුදලක් හා ජනාධිපති කාර්යාලය රුපියල් තුන් කෝටි හැත්තෑ පන්ලක්ෂ එකොළොස් දහස් හැටපහක (37,561,165) මුදලක් වැය කර තිබේ.
එසේම 2017 වර්ෂයේ සිට හිටපු ජනාධිපතිවරු සහ වැන්දඹුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වැය වී ඇති මුදල රුපියල් හතළිස් නව කෝටි දොළොස් ලක්ෂ තුන් දහස් හාරසිය විසි දෙක (491,203,422ක් බවද ගණන් බලා තිබේ. විශ්‍රාම වැටුප්, වෙනත් පුනරාවර්තන වියදම්, ගොඩනැගිලි හා ඉදිකිරීම්, වාහන යන කොටස් යටතේ මෙම වියදම් දක්වා තිබේ. මෙහිදී එම වියදම් අතරට මහින්ද රාජපක්ෂගේ නිල නිවාස නඩත්තුවට අයත් මුදල එක්කර නොමැති වීමද විශේෂයකි.