නිමල කොඩිතුවක්කු
අධික වැසි, නායයෑම් තද සුළං සහ ගස් කඩා වැටීම, අකුණු අනතුරු සහ ජල ගැලීම් ඇතුළු දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිකුරාදා දිනය වන විට මරණ 69 ක් සිදුවී 14 ක් තුවාල ලබා 34 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය දිස්ත්‍රික්ක 20 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 152 කට බලපා ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මේ හේතුවෙන් පවුල් 61,175 කට අයත් පුද්ගලයින් 219,282 ක් පීඩාවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 4කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 666කට අර්ධ හානි සිදුව ඇති බවත් කොඩිප්පිලි මහතා පැවසීය.
මේ වනවිට පවුල් 5890 ක පුද්ගලයින් 18,443 ක් ආරක්ෂිත ස්ථාන 266 ක රඳවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව ඥාති නිවාසවල පුවුල් 1097කට අයත් පුද්ගලයින් 3731ක් රඳවා ඇතියිද අධ්‍යක්ෂවරයා පැවසිය.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.
මෙම තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකී ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් බදුල්ල, මහනුවර, ගම්පහ, මුලතිව්, අම්පාර, මොනරාගල, ගාල්ල, මාතර, යාපනය, කළුතර, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සිදුව තිබේ.
ආපදා සම්බන්ධයෙන් පවතින තොරතුරු 117 යන කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි.

