ගයාන් සූරියආරච්චි
2024 වසරට සාපේක්ෂව මෙම වසරේ ගතවූ මාස 8 ට අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ තොරතුරු සහ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා කාලයෙහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,413 ක් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 2024 වර්ෂයෙහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,360 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වසරේ ගත වූ මාස 8 ක කාලයෙහි හෙරොයින් කිලෝ 942 ක්, ගංජා කිලෝ 12,558 ක්, කොකේන් කිලෝ 28 ක්, හෂීස් කිලෝ 428 ක්, මත්පෙති සහ මත්කරල් 35,25,951 ක් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ගත වූ මාස 8 ට සැකකරුවන් 145,068 ක් අත්අඩංගුවට ගන්නා ලදි.
හොරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 43,564 ක්, ගංජා තබාගැනීම සම්බන්ධයෙන් 46,513 ක්, කොකේන් තබාගත් 72 ක්, හෂීස් සම්බන්ධයෙන් සැකකරුවන් 867 ක්, අයිස් මත්ද්‍රව්‍ය තබාගත් සැකකරුවන් 51,950 ක්, මත්පෙති සහ මත්කරල් තබාගත් සැකකරුවන් 2102 ක් අත්අඩංගුවට ගෙන තිබේ.