බ්‍රිතාන්‍යයෙන් දැනෙන බදු සහනයක්


ඇඟලුම් ඇතුළු භාණ්ඩ රැසක් තීරු බදු රහිතව අපනයනය කිරීමට අවස්ථාව

උපුල් වික්‍රමසිංහ

සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා වෙළෙඳ වැඩසටහන (DCTS) ඉහළ දමමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් එක්සත් රාජධානියට සිදු කරන අපනයන පහසු කිරීම අරමුණු කරගනිමින් එරට රජය නව ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දී ඇති බව කොළඹ පිහිටි මහා බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලය ඉකුත් 11 වැනිදා නිවේදනය කළේ ය.

මේ යටතේ ශ්‍රී ලංකාව, නයිජීරියාව, පිලිපීනය යන රටවලට එක්සත් රාජධානියේ වෙළෙඳපොළ සඳහා තීරු බදු රහිතව ඇඟලුම් ඇතුළු භාණ්ඩ ගණනාවක් අපනයනය කිරීමට හැකි බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.

එම රටවල් බ්‍රිතාන්‍ය සමග කරන වෙළෙඳ ගනුදෙනු සරල කිරීමත් ආනයනික භාණ්ඩවල මිල ගණන් පහත හෙළීමත් අරමුණු කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ පැකේජය හඳුන්වා දුන් බව ද එහි දැක්වේ.