ප්‍රේමකීර්ති රණතුංග
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා පැවැති නිලවරණයේ දී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගා දිසානායකගේ හැසිරීම පළාත් පාලන පනතට ප්රතිවිරෝධී බවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට විපක්ෂය තීන්දු කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් නීතිඥ චන්දිම වීරක්කොඩි ඇතුළු නීතිඥ කණ්ඩායමක හමුවක් ඉකුත් සතියේ පැවැති අතර එහිදී තීන්දු වී ඇත්තේ විවෘත ඡන්දයකට යන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 60 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් විපක්ෂය ඉදිරිපත් කර තිබියදීත් එයට පටහැණිව රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය ගත් තීන්දුවට එරෙහිව නඩු පැවරිය යුතු බවය.
වෙනත් නීතිඥවරුන් සමගද සාකච්ඡා කර නඩුව පැවරීමේ කටයුතු සිදු කරන්නැයි ජනාධිපති නීතිඥ තිසත් විජයවර්ධනට මෙහිදී උපදෙස් ලබා දී ඇත.