බස්නාහිර නංවන සිංගප්පූරු වාර්තාව සති 16 න්


අංජුල මහික වීරරත්න

මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සුබානා ජුරොං සමාගම විසින් සකස් කරන ලද නවතම වාර්තාව සති 16ක් ඇතුළත මෙරටට ලබා දීමට නියමිතය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ එම ආයතනයේ නිලධාරීන් පැවැත් වූ සාකච්ඡාවකින් පසුව මෙම එකඟතාවට පැමිණ තිබේ.
බස්නාහිර පළාත මූල්‍ය, සංචාරක, වරාය හා සැපයුම් අංශ වලින් සංවර්ධන කලාපයක් ලෙස ගොඩනැංවීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවේ.


සිංගපූරුවේ මෙම සමාගම විසින් 2001 වසරේ දී මුල්වරට මෙම සැලස්ම ඉදිරිපත් කළ අතර  ආණ්ඩු පෙරළියත් සමඟ එය ඇන හිටියේය. 


පසුව 2016 දී ද එම සැලසුම මහනගර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළත් එය ද ව්‍යර්ථ වූයේ ආණ්ඩු පෙරළියත් සමඟය.

රජයේ මුද්‍රණාලයේ ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන්ද මහ භාණ්ඩාගාරයට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇත.