බන්ධනාගාරයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්


සුජිත් හේවාජුලිගේ

බන්ධනාගාරයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඉදිරි දිනවල කෙරෙනු ඇතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඉරිදා ලංකාදීපයට පැවසීය.

ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශය මේ දිනවල පරීක්ෂණයක් කරගෙන යන බවත්  එම පරීක්ෂණයෙන් අනාවරණය වන තොරතුරු සැලකිල්ලට ගෙන එම ප්‍රතිසංවිධානය කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරයන්හි දැනටමත් යම් යම් වෙනස්කම් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. මේ අතර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයක් කිරීමට අධිකරණ අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.