පුද්ගල ආදායම් බදු ලිපිගොනු විවෘත කළ ගණන මිලියනය ඉක්මවයි - බදු ගෙවිය යුත්තන් සෙවීම ඉදිරියටත්


උපුල් වික්‍රමසිංහ

පුද්ගල ආදායම් බදු ලිපිගොනු විවෘත කළ ප්‍රමාණය මිලියනය ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ බදු ගෙවන්නන් ස්වේඡාවෙන් ලියාපදිංචි වූ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු මට්ටමක පැවතියෙන් දෙපාර්තමේන්තුව විසින් ආදායම් බදු ගෙවිය යුතු අය සොයාගෙන ඔවුන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද බවය.

ආදායම් බද්ද ගෙවීමට යටත් වෙන පුද්ගලයන් සොයා ඔවුන් සඳහා ආදායම් බදු ලිපි ගොනු විවෘත කිරීමට ඉදිරියේ දීත් කටයුතු කරන බව ද දේශීය ආදායම් පනතට මෑතක දී කරන ලද සංශෝධනයට අනුව වාර්ෂිකව පුද්ගලික රුපියල් ලක්ෂ 18ට වැඩි ආදායමක් උපයන සියලු වෘත්තිකයන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය බව ද එම කොමසාරිස්වරයා කීවේ ය.