පුංචි ආණ්ඩුවල ලොක්කෝ 70 ක් ඉවතට


නිමන්ති රණසිංහ

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු එම ආයතනවල පරිපාලන කටයුතු සඳහා පත්කරනු ලැබ සිටින ප්‍රධානීන් (ලේකම්වරුන්) අතරින් හැත්තෑවකට ආසන්න  පිරිසක් ඒ තනතුරුවල කටයුතු කිරීමට සුදුසුකම් නොමැති අය බව වාර්තා වේ.

මේ නිලධාරීන් එම තනතුරුවලින් වහාම ඉවත් කරන ලෙසට උපදෙස් දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මේ උපදෙස් අනුව එවැනි නිලධාරීහු කිහිප දෙනෙක් දැනටමත් ඉවත් කරනු ලැබ සිටිති.


මහජනතාවගෙන් සහ විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව මේ නුසුදුසු නිලධාරීන් හඳුනා ගැනුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසුව ඒ ආයතනවල පරිපාලන කටයුතු සඳහා නිලධාරීහු (ලේකම්වරු සහ කොමසාරිස්වරු) පත්කරනු ලැබූහ.