පුංචි ආණ්ඩුවල නම් 56ක් තාම හිස් - මැතිවරණ කොමිෂන් සභාව


උපුල් වික්‍රමසිංහ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව පිහිටුවන ලද පළාත් පාලන ආයතන 20 කට තේරී පත්විය යුතු සභිකයන් 56 දෙනකුගේ නම් මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කටයුතු කර නැතැයි එම කොමිසම කියයි.

එම සභික නාම 56 න් 23 ක් අනිවාර්ය කාන්තා නියෝජනය යටතේ සභා 11 කට කළ යුතු පත්වීම් යැයි ද අදාළ නාම කොමිසමට එවන ලෙස ඒ ඒ පක්ෂවලට හා කණ්ඩායම්වලට මේ වෙන විටත් සිහිකැඳවීම් ලිපි යවා ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉරිදා ලංකාදීපයට පැවසුවේ ය.

එම නියෝජිතයන් පත් නොකිරීමෙන් වුව ද සභාවල ගණපූරණය සහිතව ඒවායෙහි කටයුතු කරගෙන යෑමට බාධාවක් නැතත් මේ සභික නම් ගැසට් නොකිරීමෙන් ඔවුන් වෙනුවෙන් මැතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයන්ට ඉන් බලවත් අසාධාරණයක් වෙන බව ද ඔහු කීවේ ය.

මෙම වසරේ මැයි මස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන ලදී.